Paripatha Puwaru

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 12

menusearch

Electronic පන්තිය



more_vert
 Home
 Site Map
 Download
Electronic පන්තිය

keyboard_arrow_down

Electronics ගැන දන්න සිංහලෙන්..

 homeHome
 file_downloadSinhala Ebooks
 cloud_downloadBlog Post PDF
 mapSite Map
 peopleFacebook Community

 account_circleAbout Me
 emailContact Us
 copyrightCopyright

Home › මූලීක විද්‍යුත් පාඩම් › පරිපථ පුවරුවල පරිණාමය (Circuit Board Evolution)

පරිපථ පුවරුවල පරිණාමය (Circuit Board Evolution)

Electronic පන්තිය

watch_later 22 January 2016


comment 1 Comment

කොහොමද යාළුවනේ..!!
ඔන්න ඉතින් 2016 අලුත් අවුරුද්දේ දාන මුල්ම Post එක තමා අද දාන්නේ,
මොකද කලින් දවස් ටිකේ බ්ලොග් එකෙත් පොඩි අවුලක් ගියානේ..

හරි හරි ඒවා වැඩක් නෑ. වැඩිකතා නැතිව අද පාඩමට සෙට්වෙමුකෝ.

ඉතින් අද Post එකෙන් මම කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ


අතීතයේ සිට අද දක්වා පරිපථ පුවරුවල විකාශණය පිළිබදවයි.
එහෙනම් දැන් අපි ඒගැන කතාකරමු..

Point To Point
උඩ තියෙන පින්තූරේ දැක්කම ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ.. අවුල්
ජාලයක් වගේ නේද.ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ ආරම්භක
අවදියේදි, එම ඉලෙක්ට්‍රොනික උපාංගයන් ක්‍රමාණුකූලව එකිනෙක
සම්බන්ධ කිරීමක් සිදුකලේ නෑ. එම නිසා වයර් හෝ කම්බි කැබලි වැනි
සන්නායක ද්‍රව්‍යවලින් තමා ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙක සම්බන්ධ
කිරීම සිදුවුනේ. ඒකියන්නේ, එක් අග්‍රයකින් තවත් අග්‍රයක් කරා යන
ආකාරයට වයර් වලින් තමා එම උපාංග එකිනෙක සම්බන්ධ කිරීම
සිදුවුනේ. එනම් "එක් ලක්ෂකින් තවත් ලක්ෂයක් කරායි." එම නිසයි මෙම
ආකාරයට පරිපථ සෑදීමට "Point To Pont"කියන නම ලැබුනේ..
නමුත් මෙම ආකාරයෙන් සංකීර්ණ පරිපථ සාදන විට ඒවායේ ඇතිවන
දෝෂ සොයාගැනීම ඉතා අපහසු කටයුත්තක් වුනා. මොකද මේවිදියට
වයර් පැටලිලා තියෙනකොට ඔළුවත් අවුල්වෙනවනේ. නමුත් අදටත්
ආධුනික මට්ටමේ අය මෙම ආකාරයෙන් සරල මට්ටමේ පරිපථ
නිර්මාණය කරනු ලබනවා.

කෙසේවෙතත් මෙහි තිබූ අඩුපාඩු මඟහරවා ගැනීම සදහා


තමා "PCB"යන සංකල්පය බිහිවුනේ. දැන් අපි ඒ පිළිබදව කතාකරමු..

PCB (Printed Circuit Board)

දෙවන ලෝක යුධ සමයේදි මුල්වරට හදුන්වාදුන් මෙම PCB තාක්ෂණය


නිසා, පෙර පැවති Point To Point නමැති ක්‍රමයේ තිබූ අඩුපාඩු රැසක්
මඟහැරී ගියා.

මෙම ක්‍රමයේදී සිදුකරන්නේ ප්ලාස්ටික් වැනි පරිවාරක තහඩුවක් මත


විදුලිය ගමන්කල හැකි පරිදි තඹ සන්නායක කොටස් ස්ථාපනය කිරීමකි.
මෙහිදි පරිපථ පුවරුවේ ඇති තඹ තීරු අපට මුද්‍රණය කර ඇති ආකාරයට
පෙනෙන නිසා, අපි මෙම පරිපථ පුවරු විශේෂයට "මුද්‍රිත පරිපථ පුවරු"
(Printed Circuit Board -PCB)කියා හදුන්වනු ලබනවා.
Copper Clad Board
ඉතින් මෙම ක්‍රමයට PCB බෝඩ් නිපදවීමට "Copper Clad Board" නම්
විශේෂිත තඹ පුවරුවක් භාවිතාකරනවා.

මුලින්ම අපි මෙම Copper Clad පුවරුව මත, ජලය තුල දියනොවන තීන්ත


වර්ගයක් භාවිතාකර අපට අවශ්‍ය පරිපථ සටහන (Circuit
Diagram) ඇදගනු ලබනවා.

ඉන්පසු එම ඇදගත් පරිපථ සටහන සහිත බෝර්ඩ් එක මත අවශ්‍ය පරිදි


සිදුරු ඇතිකර, බෝර්ඩ් එක 'ෆෙරික් ක්ලෝරයිඩ්' (ferric  chloride) ද්‍රාවණයක්
තුල ගිල්වා තබනවා.

එයින් අප ඇදගත් පරිපථ සටහන හැර අනිත් සියළුම තඹ කොටස්


දියවීයනවා. අවසානයේදි අප ආලේප කල තීන්ත විශේෂය "තිනර්" වැනි
දියරයක් මගින් ඉවත්කර පිරිසිදුකර අපට අවශ්‍ය පරිදි භාවිතයට ගනු
ලබනවා.

ඔන්න ඔය විදියටයි PCB බෝර්ඩ් එකක් හදාගන්නේ.

ඉතින් මෙම PCB පුවරු ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනු ලබනවා.


1.Single Layer PCB

2.Double Layer PCB

3.Multilayer PCB

දැන් අපි මෙම PCB වර්ග පිළිබදව වෙන වෙනම සාකච්ජා කරමු.

1.Single Layer PCB

PCB අතරින් සරලම පරිපථ පුවරු වර්ගය මෙය වන අතර, මෙම වර්ගයේ
පරිපථ පුවරුවල එක් පැත්තක පමණක් තඹ තීරු දක්නට ඇති අතර,
අනෙක් පැත්තේ පුවරුවට යොදන උපාංග පිළිබද විස්තර හා සංකේත
ඇතුලත් වේ..
බොහෝවිට මෙම ආකාරයේ පරිපථ පුවරු භාවිතාවන්නේ තරමක් සරල
පරිපථ ගොඩනැගීම සදහායි. එවගේම බොහෝවිට මෙම පරිපථ
ගොඩනැගීමට අප යොදාගන්නේ"PTH" ආකාරයේ උපාංගයන් පමණයි..

2.Double Layer PCB


මෙම වර්ගයේ පරිපථ පුවරුවල දෙපසම තඹ තීරු දක්නට ඇති අතර,
දෙපසම  පුවරුවට සම්බන්ධ වන උපාංග පිළිබද විස්තර හා සංකේත
අඩංගු වේ.

සාමාන්‍යයෙන් මෙම පරිපථ පුවරු භාවිතා වන්නේ තරමක් සංකීර්ණ


පරිපථ ගොඩනැගීම සදහා වේ. එවගේම මේ සදහා SMD හා PTH යන
දෙආකාරයේම උපාංග පහසුවෙන් භාවිතා කල හැකිවේ.
3.Multilayer PCB

මෙම වර්ගයේ පරිපථ පුවරුවල, පුවරුවේ දෙපස මෙන්ම අභ්‍යන්තරයේද


තඹ තීරු සහිත ස්ථර කිහිපයකිනුයි  සකස් කර තිබෙන්නේ.

සාමාන්‍යයෙන් මෙම පරිපථ පුවරු භාවිතාවන්නේ. ඉතා සංකීර්ණ පරිපථ


ගොඩනැගීම සදහායි. එවගේම මෙම පරිපථ පුවරු සදහා බහුලව SMD
ආකාරයේ උපාංග භාවිතාවන අතර, PTH ආකාරයේ උපාංගයන්ද
භාවිතාවේ. එවගේම මෙම පරිපථ සම්පූර්ණයෙන්ම වාගේ
යන්ත්‍රාණුසාරයෙන් නිපදවීම සිදුකරයි.
ඉතින් මෙම ආකාරයෙන් නිපදවන පරිපථ වර්ග තමා ජංගම
දුරකථන,පරිගණක උපාංග වැනි සංකීර්ණ උපකරණ වල අන්තර්ගත
වෙන්නේ..

:-අන්තර්ජාලය ඇසුරෙනි.

1)අපගේ Facebook සමූහය හා එක්වන්න..   

https://facebook.com/groups/673123526167172

2)අපගේ Facebook පිටුව හා  එක්වන්න...    

https://www.facebook.com/electronicpanthiya

තවත් ලිපියකින් නැවත හමුවෙමු..! 


 plus_one Google+
 share Facebook
 share Twitter
 share Pinterest

ELECTRONIC පන්තිය

o chevron_leftNEXT You are viewing Most Recent Post


o chevron_rightPREVIOUS SMD හා PTH උපාංග යනු මොනවාදැයි
දැනගනිමු. (SMD & PTH COMPONENTS)
comment1 Comments:

more_vert

chathuranga umesh

Good

Balas

sentiment_satisfiedEmoticon

© 2019 Electronic පන්තිය - All Rights Reserved


Created by Dunia Blanter - Powered by Blogger

 About

 Contact

 Error Notify

 Sitemap

 Copyright

You might also like