2012 04 01

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

feature1 Page 1 of 2

මහ රහතුන් වැඩි මග ඔස්ෙසේ......


ආශාෙව් වියරුව - කැමැත්ෙත් මරලෙතෝනිය
මනුෂ ෙලෝකෙය් නිලතලවලට නිතර ෙද්ශන
පැවැත්වීමට, සමිති - සමාගම්, ෙද්ශපාලන පදවි
සඳහා තන්හාෙවන් කියාකරන පිංවතුනට
දැනගැනීම පිණිස ෙපේත ෙලෝකෙය් රැස්වීමක
ස්වභාවය සටහන් කරමි.

ෙමම රැස්වීමට ෙපේතෙයෝ සියයකට වැඩි


සංඛාවක් සහභාගි වූහ. ෙම් අතර සිවුරු
දරාගත්, හිස මුඩු කළ ෙපේත භික්‍ෂූන්ද විය. ෙම්
සියලු ෙදනාම තරුණ සහ මැදිවිෙය් ෙපේතෙයෝ
සහ ෙපේත භික්‍ෂූන්ය. මනුෂ ෙලෝකෙය් අයුරින්
භික්‍ෂූන් ඉදිරි ෙපළ ආසනවල ෙනොසිටිෙය්ය.
ෙපේත භික්‍ෂූන් සිටිෙය් ෙපේතයන් සමඟ කලවෙම් අසුන් ෙගනය. සමහර ෙපේත භික්‍ෂූන් පසුපසම
ෙප්ලිෙය්ද අසුන්ෙගන සිටිෙය්ය. ෙපේත ෙලෝකෙය් ෙතරුවන් ගැන හැඟීමක් නැති නිසා, ෙපේත
ෙලෝකෙය්දී භික්‍ෂු ෙපේතයා ද සමාන ෙපේතෙයක්මය.

ෙම් අය එකට රැස්වී ෙපේත රැස්වීම පවත්වයි. ෙම් රැස්වීම එකම ගාලෙගෝට්ටියකි. හැෙමෝම
නායකයන් වීමට, හැෙමෝම ෙද්ශන පැවැත්වීමට, තම මතය දිනවීමට උත්සාහ ගනී. අෙයකුට
නිදහෙසේ කතා කිරීමට අෙනකා ඉඩ ෙනොෙද්. කිසිවකු තෘප්තියට පත් ෙනොෙව්. කිසිවකුත්
සතුටට පත්ෙනොවී, සැෙවොම දුක ෙව්දනාව, බලාෙපොෙරොත්තු කඩවීම් උරුම කරගනිමින්
රැස්වීම කඩාකප්පල් ෙව්. එකිෙනකාට බැණ වදිමින් විසිර යති.

ෙපර ආත්මවල අනුනට අවස්ථාව ෙනොදී බලකාමෙයන් නිලතල දැරූ, නිලතලවලට ෙලෝභ
කළ ගිහි පැවිදි පිංවතුන් කරගන්නා ලද කර්ම වල විපාකයන් විඳගන්නා අයුරු අපූරුයි ෙන්ද?
ෙමම කර්මය විඳින ෙපේතයන් තම ෙපේත ජීවිතය පුරාවට කරන්ෙන් රැස්වීම් තැබීම සහ රැස්වීම්
කඩාපල්වීම නිසා දුකට පත්වීමය. ෙපර අකුසල් ශක්තිය නිසා ෙම් අයට කිසිදාක ෙපේත රැස්වීම්
සාර්ථක කර ගත ෙනොහැක. රැස්වීම් කඩාකප්පල් වූ විට ෙපේතයන් එකිෙනකාට ෛවරෙයන්,
ෙකෝධෙයන් බැණ වදිමින්, ඇනෙකොටා ගනිමින්, දත්මිටිකමින් සීසීකඩව විසිර යයි. තමන්
නායකයා වීමට ඇති ආශාව නිසාම ෙපේත ෙලෝකෙය්දී ද ෙම් අය මහා අකුසල් රැස්කරෙගන
තව තවත් දුකට ඇදී යයි. ෙපේත ෙලෝකෙය් ගත කරන සෑම නිෙම්ෂයකදීම ඔවුන්
රැස්කරන්ෙන් අකුසලයකි. එෙහයින් ඔවුනට සසර කල්ප ගණනාවකින් සුගතියක උපත
ලැබීමට ෙනොහැකිය.

ඔබ ගත කරන ඔය වටිනා මනුෂ ජීවිතය ඔබෙග් අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුෙණොත්
ඔෙබ් අනාගතයද අඳුරින් අඳුරටමය. ඔබ භුක්තිවිඳින ෙමොන ෙදයවත් තන්හාෙවන් ෙතොරව
භුක්ති විඳින්න. අනුන්ෙග් අකමැත්ෙතන් භුක්ති ෙනොවිඳින්න. බලහත්කාරෙයන්, ෙබොරුෙවන්,
නැති ගුණ ෙපන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කරගැනීමට ෙනොයන්න.
ඔබ අසීමිත තන්හාෙවන් ෙම්වා අයිති කරගැනීමට ගියෙහොත් ෙපේත ෙලෝකෙය් ෙපේත රැස්වීම්
අංශෙය් ඉපිද, නිතිපතා ඉහත ෙපේතයන් විඳින දුක විඳිය හැකිය. ෙපේත රැස්වීම් කඩාකප්පල් වී

http://www.divaina.com/2012/04/01/feature05.html 2012-04-28
feature1 Page 2 of 2

ගිය විට ෙපේතයන් හැසිෙරන්ෙන් හිස ගිනිගත් පුද්ගලයන්, වියරුෙවන් දඟලන්නා ෙසේය. එය
ඔවුනෙග් තන්හාෙව් ස්වභාවයයි. ආශාෙව් වියරුවයි. කැමැත්ෙත් මරලෙතෝනියයි.

ෙලොව්තුරු බුදුරජාණන් වහන්ෙසේෙග් ධර්මය ෙම් ෙද්වල් ෙමොනතරම් පැහැදිලිව ෙද්ශනා කර


තිsෙබනවාද. ෙම් සියල්ල අත්දැකීෙමන් අත්දකිද්දී ෙලෝක ස්වභාවයන් පිළිබඳ ඥාන
දර්ශනයන් පහළවන ෙකොට ඔබටත් දැෙන්වි ඔබ සැබෑ බුදු පුෙතක්ය කියලා.

ඉන්දජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම


අංක 223, බ්ලූමැන්ඩල් පාර, ෙකොළඹ 13, ශී ලංකාව.

http://www.divaina.com/2012/04/01/feature05.html 2012-04-28

You might also like