For A Sovereign State

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

සැලැස්ම

කරුණාතිලක සිතියම් හා ලේඛන ගණනාවක් අතැති ව පැමිණීයේ ය. අපට බාධා නොවනු පිණිස කාමරය
වසා තබන ලෙස ලේකම්වරියගෙන් ඉල්ලා සිටියෙමි. හේමප්‍රිය හා කරුණාතිලක විසීන් හැකි තරම් දීර්‍ඝ ලෙස
කරුණු විස්තර කෙරෙන අතරතුර තේ කෝප්ප ගණනාවක් හිස් වි ය; දුම්වැටි ගණනාවක් අළු වි ය. අවාසනාවන්ත
මාස ගණනාවක ඇවෑමෙන්, එවන් තීරණාත්මක දිනයක සිදු වූ සියල්ල සවිස්තර ව මතකයට ගැනීමට මම
අපොහොසත් මි; එහෙත් උපරිම උත්සාහ දරමි.

ශ්‍රී ලංකාවේ සිතියමක් ඉදිරියේ තබා ගෙන කරුණාතිලක කතාව ආරම්භ කළේ ය.

“පරික්ෂාවෙන් මේ සිතියම දෙස බලන්න. ඇතැම් ප්‍රදේශවල ජන ගහණය අධික බවත් අනෙක් ප්‍රදේශවල
හීන බවත් පෙනෙනවා ඇති :උදාහරණයක් වශයෙන් දකුණු පළාතේ ජනගහණය අධික යි. වගාවන් සහ, වැඩි වන
ජනගහනයේ අනෙකුත් වුවමනාවන් පිරිමැසීම සඳහා යෙදිය හැකි ඉඩම් ප්‍රමාණය සීමා සහිත යි. රැකියා ප්‍රශ්නය උග්‍ර
යි. වැවිලි ප්‍රදේශ හැරුණු කොට අනෙක් ප්‍රදේශයේ ජනගහනය මුළුමණින්‍ ම වාගේ සිංහල යි. බටහිර පැත්තේ
ගැටළුවත් මෙයට සමාන යි; නැතහොත් ඊටත් වඩා බැරෑරුම්. ඉතාමත් ධනවතුන් හැරුණු විට අනෙක් අයට ඉඩම්
ඇත්තේ ම නැහැ. රටේ ප්‍රධාන ආර්ථික ආධාරකය ලෙස සැලකෙන විශාල තේ‍ වතුවලින් මුළු මධ්‍යම පළාත ම
වැහිල. මේ වතුවල සිටින ජනගහනයෙන් සියයට 90 ක් ම ඉන්දියානු ද්‍රවිඩයෝ. මේ අතිවිශාල තේ වතුවලට
මැදිවෙලයි සිංහල ගොවියෝ ජීවත් වන්නේ. වතුවල ජනගහනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. සිංහල මිනිස්සු ජිවත්
වන ජනාකීර්ණ ගම්වල ජනගහනයත් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. වතුවල රැකියාවල් ලබා ගැනීම ට සිංහල මිනිසුන් ට
ඇති අවස්ථාව අල්ප යි. ජනවර්ග ව්‍යපාතිය පිළිබඳ ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වන නිසා සිංහලයන් ට එයට අවාසි
සහගත ලෙසයි මුහුණ දෙන්න ට සිදු වන්නේ. මේ වතුවල ජීවත් වන ඉන්දියානු ද්‍රවිඩයෝ ශීඝ්‍රයෙන් බෝවෙනවා.
ඔවුන්ගේ අපේකෂාවන් වර්ධනය වෙමින් පවතිනවා. ලයින් කාමරවල ඉපිද එහි ම මැරෙන්නට ඔවුන් තවදුරටත්
සූදානම් නැහැ. ඔවුන්ගේ ඉපයුම් ප්‍රමාණය අධික යි; ඒ නිසා ඔවුන් දිළිඳු ගම්වැසියන් ගේ ඉඩම් කැබලි මිළ දී
ගන්නවා. දිස්ත්‍රික්ක වශයෙන් ලංකාවේ ස්වරූපය අපි දැන් බලමු.”

අනතුරුව දිස්ත්‍රික ජනගහන ඝණත්ව සංඛ්‍යා ලේඛන විස්තර කරුණාතිලක විසින් මා ඉදිරියේ දිග හරින ලදී.

දිස්ත්‍රික්කය වර්ග ප්‍රමාණය වර්ග කි.මි. ජනගහණ සංගණනය (’81) ඝණත්වය ව.කි.මී.ය ට
*යාපනය 2,072.03 831,096.00 401
*මන්නාරම 2,002.10 106,991.00 53
*වවුනියාව 2,645.20 95,920.00 36
*මුලතිවු 1,966.10 77,530.00 39
*මඩකලපුව 2,469.00 330,815.00 134
*අම්පාර 4,539.20 388,741.00 86
*ත්‍රිකුණාමලය 2,618.20 256,732.00 98
*පුත්තලම 2,976.90 493,447.00 166
කොළඹ 652.40 1,697,795.00 2,602
ගම්පහ 1,398.80 1,389,269.00 993
කළුතර 1,606.60 827,298.00 515
මහනුවර 2,157.50 1,126,544.00 522
‍මාතලේ 1,988.60 357,364.00 180
නුවරඑළීය 1,437.20 521,853.00 363
ගාල්ල 1,673.90 814,264.00 486
මාතර 1,246.50 643,947.00 517
හම්බන්තොට 2,593.40 424,083.00 164
කුරුණෑගල 4,772.80 1,212,590.00 254
අනුරාධපුරය 7,129.20 587,680.00 82
පොළොන්නරුව 3,403.80 263,265.00 77
බදුල්ල 2,818.20 642,662.00 228
මොනරාගල 5,586.90 279,811.00 50
රත්නපුරය 3,238.80 796,169.00 246
කෑගල්ල 1,662.80 682,538.00 410
      “ මෙම  
සංඛ්‍යා * ඊලම වශයෙන් සළකනු ලබන දිස්ත්‍රික්ක   ලේඛන  

වලින් පැහැදිළි
වන කාරණය නම් ජනගහනය අඩු ම දිස්ත්‍රික්ක වන්නේ මන්නාරම, වවුනියාව, මුලතිවු, මඩකලපුව, අම්පාර,
ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, සහ මොනරාගල බව යි. අනුරාධපුරය, පොළොන්නරුව,
සහ මොනරාගල හැරණු විට අනෙක් දිස්ත්‍රික්ක උතුරු සහ නැගෙනහිර පළාත් වලට අයිති වේ. ‘ඊළම’ වශයෙන්
හඳුන්වනු ලබන්නේ මේ ප්‍රදේශය යි. මේ පළාත් වල බහුතරය ලංකා ද්‍රවිඩයෝ ය. උතුරුකරයේ පිහිටි යාපනයේ
ජනගහනය ඉතා අධීක වන අතර එහි ජනතාව 100%ක් ම ද්‍රවිඩ ය. මේ දිස්ත්‍රික්කවල සම්පූර්ණ භූමි ප්‍රමාණය
ආසන්න වශයෙන් වර්ග කිලෝ මීටර 18,307 යි. සම්පූර්ණ ජනගහණය 2,037,825 යි. සාමාන්‍ය ජනගහණ
ඝණත්වය වර්ග කිලෝ මීටරයට 111 යි. ඊනියා ඊළාම් ප්‍රදේශය ට බාහිර පළාත්වල වර්ග ප්‍රමාණය වර්ග කිලෝ
මීටර 46,344 පමණ වෙනවා. ජනගහනය 12,810539 ක් පමණ ය. මේ අනුව ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට
276 යි.”

“ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් මුළුමණීන් ම වාගේ ද්‍රවිඩයන් විසින් අත්පත් කර ගෙන තිබෙන
අතර දකුණේ තත්ත්වය ඊට ඉඳුරා ම වෙනස්. බොහෝ ප්‍රදේශවල සිංහලයෝ සහ ද්‍රවිඩයෝ අල්ලපු වැටේ ජිවත්
වෙති. වැවිලි ප්‍රදේශ ගැන සිතා බලන්න. එක පැත්තකින් ගම්පළ සිට නුවර එළීයටත්, නුවර එළියේ සිට
බගවන්තලාවටත්, එතැන සිට අවිස්සාවේල්ලටත් දිගට ම ප්‍රධාන වශයෙන් පැතිර සිටින්නේ ඉන්දියානු ද්‍රවිඩ වතු
කම්කරුවන් ය. නුවරඑළීයේ සිට කඳපොළ, උඩපුස්සැල්ලාව ඔස්සේ නැගෙනහිර ඌව දක්වා දිවෙන වැවිලි ප්‍රදේශ
පැත්තකින් මොනරාගල ටත් , අනෙක් පැත්තෙන් ලුණුගල ටත් විහිදෙයි. මඩකලපුව දිස්ත්‍රික්කය අල්ලපු වැටේ ය.”
බදුල්ලේ සිට වැවිලි තීරුව රත්නපුරය දක්වා විහිදෙන්නේ පැල්මඩුල්ලත් බලංගොඩත් සමච්ඡේදනය කරමින්. ඒ
ප්‍රදේශ නැවතත් අවිස්සාවේල්ලේ දී නැවත හමුවේ. මේ ප්‍රදේශවල බහුතර ශ්‍රම බලකාය ඉන්දියානු ද්‍රවිඩයන් ය.”

මෙම අවස්ථාවේ දී කරුණාතිලකගේ විස්තර කථනයට බාධා පැමිණවූ මම, බෙදුම්වාදී ව්‍යාපාරයට


ඉන්දියානු ද්‍රවිඩයන් සහය නොදක්වන බවත් ඇත්ත වශයෙන් ම ඔවුන් උතුරේ ද්‍රවිඩයන් දෙසට ඇදී යනවා ට වඩා
සිංහලයන් දෙසට ඇදෙන බව ත් පැවසූවෙමි. තවදුරටත් කරුණු දැක්වූ මම, ඉන්දියානු ද්‍රවිඩයන්ගේ නායකයා
වූ කලී ජනාධීපති ජයවර්ධනගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජියකයකු වන එස් . තොණ්ඩමන් බවත් පෙන්වා දුනිමි.
තොණ්ඩමන ඇමතිවරයා කිසි විටෙකත් බෙදුම්වාදයට රුකුල් දුන්නේ නැත. කරුණාතිලක හා හේමප්‍රිය මා සමග
එකඟවූ නමුත්,

“ශ්‍රී ලංකාවේ බෙදුම්වාදීන්, දැන් නැති වුවත් මතුවට හෝ වතුකරයේ ජනතාව සමග සම්බන්ධ වීම ට යත්න දරණු
ඇතැ ”

යි පැවසී ය.

“ වතුකරයේ ජිවත් වන ඉන්දියානු ද්‍රවිඩයන් හැරුණු කොට ශ්‍රීලාංකික ද්‍රවිඩ ජනගහණයෙන් තුනෙන්
එකක් ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් බාහිර ප්‍රදේශවල යි: බොහෝ විට සිංහල ජනතාව අතරේ ය.
එහෙත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වීමට ඉඩකඩ සැලසී ඇත්තේ සිංහලුන් කීප දෙනෙකුට පමණි.
නිදසුනක් වශයෙන් කොළඹ ගැන සලකා බලන්න. අගනුවර ට දකුණු දෙසින් පිහිටි වැල්ලවත්ත මුළුමණීන් ම
වාගේ ද්‍රවිඩයන් ට අයත් ය. කොළඹ ප්‍රධන නේවාසික ප්‍රදේශ හැම එකක ම වාගේ සෑහෙන ඉඩම් ප්‍රමාණයක් ඔවුන්
ට හිමි ය. ඔවුන් විසින් වෙළඳ ආතන ගණනාවක් ම පවත්වා ගෙන යනු ලබන අතර මේවායේ සිංහලයකුට
රැකියාවක් ලබා ගැනීම පවා ඉතා අසීරු ය. අනෙක් අත ට සිංහල වෙළෙන්දෝ ඕනෑ තරම් ද්‍රවිඩයන් බඳවා ගනිති.
වතු සහ ව්‍යාපාර බොහොමයක් ද්‍රවිඩයන් සතු වන අතර සෑම රාජ්‍ය ආතනයක ම ප්‍රමුඛ තනතුරු ඔවුන් විසින් දරණු
ලැබේ. අසාධාරණ සැළකීමක් ගැන ඔවුන් ඝෝෂා කරන නමුත් කෝ මේ අසාධාරණය? අගනුවර සතුටින් පදිංචි
වී ව්‍යාපාර මෙහෙයවිමට ද්‍රවිඩයන් ට අවස්ථාව තිබේ. එහෙත් සිංහලයන්ට යාපනයේ හෝ මඩකලපුවේ පදිංචි වත්
අවසරයක් නැත. මේකද අසාධාරණය? එසේ නම් අසාධාරණයට ලතක් වූවෝ කවරහු ද? සිංහලයෝ ද? ද්‍රවිඩයෝ
ද? ද්‍රවිඩයන් දැන් සටන් කරන්නේ සමාන වරප්‍රසාදසඳහා නොවේ. සුපිරි වරප්‍රසාද සඳහා යි. ”
අනතුරුව හේමප්‍රිය හා කරුණාතිලක දීර්ඝ වශයෙන් විස්තර කළේ ආර්ථික ක්ෂේත්‍රයෙහි ද්‍රවිඩයන් විසින්
සිංහලයන් ගලග්‍රහණයෙන් රැගෙන ඇති ආකාරය යි. මෙයට ප්‍රධාාන වශයෙන් හෙුතු වී ඇත්තේ බැංකුවල සේවය
කරන ජ්‍යෙෂ්ට ද්‍රවිඩ නිලධාරින් නූගත සිංහල ගැමියන් නොසලකා හැර ද්‍රවිඩ මිනිසුන‍් ට බොහෝ පහසුකම්
සැලසීම නිසා ය.

“යාපනයේ පළමු පන්තියේ අධ්‍යාපන කීපයක් ම ඇත. අධ්‍යාපන පහසුකම් අතින් අධ්‍යාපන පහසුකම්
අතින් යාපනය දෙ වෙනි වන්නේ කොළඹ ට පමණී. උගත් සිංහලයා ලිබරල්වාදී ‘සුද්දෙක්’ වෙයි. උගත් යාපනේ
ද්‍රවිඩයා වඩ වඩාත් ඊලාම් සංකල්පයට අර දෙයි. උගත් සිංහලයා අන්තර්ජාතිකයකු බවට පත්වන අකර යාපනේ
වැසියා ඊළාම් ජාතිවාදියකු වෙයි.”

“අපේ අමාත්‍යාංශය දෙස බලන්න.”

ඔහු තව දුරටත් කරුණූ විස්තරකරමින් පැවසුවේ ය.


“ උපායමාර්ගික වශයෙන් වැදගත්තමින් යුක්ත ජ්‍යෙෂ්ට තනතුරු බොහොමයක් දරණූ ලබන්නේ ද්‍රවිඩ
නිලධාරින් විසින් ය. ඔවුන් හැම දෙනෙකු ම වාගේ වැඩ කරන්නේ අරමුණක් පෙරදැරි කර ගෙනයි. සූර ලෙසත්
කපටි ලෙසත් හසුරුවන් ලබන වැඩසටහන් මාර්ගයෙන් උතුරු සහ නැගෙණහිර පළාත් දෙස ට ක්‍රමක්‍රමයෙන්
මහවැලි ජලය වැඩි වැඩියෙන් ගෙන යෑම ට ඔවුහු යත්න දරති. උතුරු මැද පළාතේ ජනපදවල පදිංචි කෙරෙන
ප්‍රමාණය හැකි තරම් දුරට අඩු කිරීමට ද ඔවුහු මාන බලති.විශාල ඉඩම් තීරු වන දොරටු වශයෙන් ප්‍රකාශයට පත්
කොට මිනිසුන් පදිංචි කිරීම තහනම් කොට ඇත. සංසන්දනාත්මක වශයෙන්ලංකාවේ දකුණු පළාත්වල රක්ෂිත
වනාන්තර සහ වන දොරටු ඇත්තේ ඉතාමත් ස්වල්පය කි.”

“මේවා මෙසේ සිදු වෙද්දී අපේ පාළකයෝ ඇස්කණ් වසා ගෙන සිටිති. ද්‍රවිඩයන් ක්‍රමක්‍රමයෙන් ඊළාම්
දේශයේ අත්තිවාරම එළා ගෙන යති. ඔවුන් එය කෙතරම් දක්ෂ ලෙස කරනවා ද කියතොත් අන්තිමේ දී ඊළම්
දේශයේ අත්තිවාරම් කැපුවෝ, පෙදරේරුවෝ සිංහලයෝ ම වෙති.”

“ සුප්‍රසිද්ධ ද්‍රවිඩ ලේඛකයන් විසින් රචිත “යාල්පානම් වෛපාමේ කෞමදි” නම් ඉතිහාස ග්‍රන්ථය කියවා
බලන්න. උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථානවල සිංහල නම් හොර රහසේ ම දෙමළ නම් බවට
පෙරළා ඇති ආකාරය විස්තර කිරීමට අර පොතේ මුල් පිටු 123 ක් ම මිඩංගු කොට ඇත. මේ පොත සිංහල
අන්තවාදියකුගේ කෘතියක් නොවේ. මිනුම් දෙපාර්තමේන්තුවේ ද්‍රවිඩයෝ විශාල සංඛ්‍යාවක් සේවය කරති. සිංහල
ගමක නමක් අගට ‘යි’ අකුරක් එකතු කිරීමෙන් ඔවුහු එය දෙමළ නමක් කරති. නැගෙනහිර වෙරළබඩ පිහිටි
‘කෝකිල’ නම් සිංහල ගමේ නමට ‘යි’ එකතු කොට එය ‘කෝකිලායි’ නම් දෙමළ නමක් බවට හරවා ගෙන ඇත.
සිතා මතා මැනවින් සැළසුම් කොට සූක්ෂ්ම ලෙස තම කාර්ය කිරීමට ඔවුහු සමත් වී සිටිති. ‘පදවිය’ සිතියම් වල
දක්වා ඇත්තේ ‘පදවිකුලම්’ යනුවෙනි. මෑතක දී ජනාවාස පිහිටුවා ඇති ස්ථාන කිහිපයකට ම දෙමළ නම් යොදා
ඇත. මෙය සංවිධානාත්මක ව්‍යාපාරයක එක් අංගයකි.”
මෙලෙස කරුණු හෙළීදරවු වී ගෙන යෑමේ දී මේ දෙදනා කරුණු මවා පෑමට උත්සාහ ගන්නේ දෝ හෝ යි
මම පුදුමයට පත් වීමි. එහෙත් පූර්ව-නිශ්චිත සැලැස්මක් අනුව ද්‍රවිඩ රජයේ සේවකයන්තම කාර්යයට කැප වී ඇති
අන්දම ලිපි ලේඛන සහ නිදසුන් මාර්ගයෙන් ඔවුන් වසින් මට ඒත්තු ගන්වන ලදී.
අවසානයේ ඊළම් දේශයට අයත් වන ප්‍රදේශවල සිංහලයන් පදිංචි වී සිටීම වැළැක්වීම පිණිස දූරදර්ශී ද්‍රවිඩ
නිලධාරින් විසින් යොදා ගන්නා ලද ප්‍රලාප කීපයකි, වන දොරටු, ආරක්ෂීත වනාන්තර සහ ජාතික වනෝද්‍යාන ආදී
පද සමූහය.

“මේ යටිකූට්ටු වැඩවල ඵල විපාක ඇමතිවරයාගේ අවධානයට යොමු කොට ඇත් දැ” යි මම ඔවුන්ගෙන්
ඇසුවෙමි.

“ඇමතිවරයා දන්නවා. ඒත් එතුමා අසරණ යි.” ඔවුහු පිළිතුරු දුන්හ.

“නිලධාරි රොත්තත් ද්‍රවිඩ බලවේගයත් එ‍්තරම් ම ප්‍රබල යි.”  

You might also like