Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

මැදුරේ සිරි දළදා

මැදුරේ සිරි දළදා


ඇසෙන හඬ තේවා
කිරි සයුර පරදා
වැව රවුම වට රංචු ගැසුණා

හන්තාන කඳු මුදුනට යමු


බණ්ඩාර මැණිකෙලා හමුවෙමු
පැණි පිරුණු උඳු වලලු
කන්ට නුවරම බින්න බහිමු

මඟුල් මඩුව ලඟ කතිර කොඩිය බිම


කැප්පෙටිපොළ එඩි සිහ නද පතුරා
ගන්නොරු පීරා සටන් ඇවිලිලා
ඇහැළ මහට රන්දෝලි වඩිනවා
නුවර හැඩයි වෙස් නැටුම නටනවා

මැදුරේ සිරි දළදා


ඇසෙන හඬ තේවා
කිරි සයුර පරදා
වැව රවුම වට රංචු ගැසුණා

මහවැලි කොමලී නුවරට අසිරි


සුපතල පේරා නෙලියම මලින් පිරි
මීදුම පුරවා මීමුරේ හංගා
දුම්බර පැදුරට රටාව ඇන්දා
ලෝක උරුම නම හදවත රන්දා

මැදුරේ සිරි දළදා


ඇසෙන හඬ තේවා
කිරි සයුර පරදා
වැව රවුම වට රංචු ගැසුණා

ඇම්බැක්කේ ගඩලාදෙණි යමු


කන්ද උඩරට නම දැකගමු
සතර අත දෙවියන් පැමිණ
නතර වුණු තැන මහනුවර//

You might also like