Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

Assignment 01

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ විකාශනය

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් තාක්ෂනය අතීත රජ දවස දක්වා දිවයන්නකි. වැව්,අමුණු,දාගැබ ආදී ලෝක ප්‍රසිද්ධ ඉදිකිරීම්
ඉතිහාසයක් ලංකාවේ පැවතුනි.

විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමත් සමග රාජ්‍ය හා පුද්ගලික දෙඅංශයෙන් ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොමුවුණ
අතර රාජ්‍ය අංශය සමාජීය හා ආර්ථික යන අංශ සලකා ඒවායේ වැඩිදියුණුව සඳහා සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක
කිරීම සිදුකරමින් පවතී. මෙම ව්‍යපෘති බොහොමයක් ඉදිකිරීම් ගණයට අයත් වේ. වර්තමානය වන විට මහා මාර්ග,
දුම්රිය මාර්ග, ජලාශ, පරිපාලන නගර, පනිය ජල ව්‍යපෘති, සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා පිටි ආදී ඉදිකිරීම් රාජ්‍ය අංශය
මැදිහත්ව ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වේ. මෙම ව්‍යපෘති විදේශ ණය මත ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය,
ඉන්දියාව, ජපානය ප්‍රධාන වශයෙන් ණය මුදල් සපයන රටවල වේ.

මෙවැනි ව්‍යපෘති ආරම්භ වීම හරහා දේශීය වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන් විශාල
වශයෙන් බිහිවීම සිදු විය.මෙම ඉදිකිරීම් කර්මාන්තකරුවන් ස්වාධින පුද්ගලයන් මට්ටමේ සිට සමාගම් මට්ටම දක්වා
පුළුල් පරාසයක විහිදී පවතී. නවලෝක, මාග ආදී මෙලෙස බිහිවූ ඉදිකිරීම් සමාගම් කිහිපයකි. මෙවැනි සමාගම් රට
තුළ ක්‍රියාත්මක වීම මගින් විශාල වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ජනිත වීමක් ද සිදුවිය. මේ ආකාරයට
ඉදිකිරීම් රට තුළ සිදුවෙමින් පවතින විට එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය සම්පාදනය කිරීම සඳහා
සැපයුම්කරුවන් රාශියක් රට තුළ බිහි විය.මෙවැනි සපයුම්කරුන්වන් විසින් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් සඳහා
යොදාගනු ලබන උළු, දව, අළුහුණු නිෂ්පාදන සිදුකරමින් පවතී.

ඉදිකිරීම් තාක්ෂනයේ දියුණුවත් සමග යටකී මුලික ඉදිකිරීම් ද්‍රව්‍යවලට අමතරව වෙනත් ඉදිකිරීම් ද්‍රව්‍ය රාශියක්
බිහිවිය. ඒ අතර ටයිල් කර්මාන්තය, තීන්ත නිෂ්පාදනය සහ විදුරු නිෂ්පාදනය ප්‍රධාන තැනක් ගනු ලබයි. උදාහරණයක්
ලෙස ලංකා ටයිල්, මැක්ටයිල්ස් මෙරට ටයිල් අංශය ස්වයංපෝෂිත කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් පවතී.

මේ ආරකරය දියුණු වූ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගමනය සඳහා බිහි වූ National Construction Contractor’s
Association (NCCA) ආයතනය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. මෙම ආයතනයේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ
ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන ශිල්පින් සහ කොන්ත්‍රාත්කරුවන් පුහුණු කිරීම වේ.

මෙයට අමතරව විවෘත ආර්ථික ක්‍රමයේ ආගමනය සහ විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු බටහිර රටවල්වලින් ඉදිකිරීම්
කර්මාන්තයේ නියැලෙන ස්වදේශිකයින් සඳහා විශාල වශයෙන් රැකියා අවස්ථා සඳහා ඉල්ලුමක් ඇති විය.මෙහි ප්‍
රථිපලයක් ලෙස ඉදිකිරීම් ශිල්පින් රැකියා සඳහා විදේශගත වීම සිදුවිය. මෙලෙස විදේශගතවන ශිල්පින් කලක් විදේශ
රටවල සේවය කර නැවත මවු රටට පැමිණි අතර මෙලෙස පැමිණෙන ශිල්පින්, ශිල්පිය වශයෙන් නව දැනුමින්
සන්නද්ධ වූ පිරිසක් විය. මේ නිසා තමා ලද දැනුම මෙරට ඉදිකිරීම් කර්මාන්තය තුළ ආයෝජනය කිරීමේ අනගි
අවස්ථාවක් මෙවැනි ශිල්පීන්ට උදාවුනි. මෙය දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවට මෙන්ම තිරසර භාවයටත්
හේතු විය.

මෙම යුගය තුල පැවති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නිසා විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍
යපෘති ගණනාවක් මෙරට තුළ ආරම්භ කිරීමට අවස්ථාව උදාවිය. ඒ අතරින් මහවැලි සංවර්ධන වැඩසටහන මේ
ආකාරයට ආරම්භ වූ දැවැන්ත ව්‍යාපෘතියකි. වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ
අපේක්ෂාව විය. මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්
1950 ගණන් වල සිටයි. දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ
ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු
කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා
කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය. නව
ජනාවාස ඇතිකිරීම, විදුලිබලය උත්පාදනය, වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය, ගංවතුර පාලනය, මහවැලි පහල
නිම්නයේ ජනාවාසකරණය, රැකියා ප්‍රශ්නය විසදීම, රට ආහාර වලින් ස්වයංපෝශිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන
අරමුණු විය.
Assignment 02
ප්‍රමාණ සමික්ෂකවරයෙකුගේ ප්‍රධාන කාර්ය භාරය

ප්‍රමාණ සමීක්ෂණය (Quantity Surveying) යනු ඉදිකිරීම් ව්‍යාපෘතියක පිරිවැය ඇස්තමේන්තු කිරීම, සැලසුම් කිරීම
සහ පාලනය කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම් සමඟ කටයුතු කරන සිවිල් ඉංජිනේරු අංශයකි. ව්‍යාපෘතිය ආරම්භ
කිරීමට පෙර එනම් ව්‍යපෘති සංකල්පය බිහිවන අවස්ථාව හෙවත් ව්‍යාපෘතිය තෝරාගැනීම යන අවධියේ දී කොපමණ
මුදලක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැය වේද? යන්න දැන ගැනීම වැදගත්ය. මෙය ව්‍යපෘති ඇස්තමේන්තුව
ලෙස හඳුන්වනු ලබයි. බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘති අසාර්ථක වීම සඳහා දුර්වල ව්‍යපෘති සැලසුම්කරණය සහ දුර්වල ව්‍
යපෘති ඇස්තමේන්තුකරණය හේතුවේ.

සාමාන්‍යයෙන් ඕනෑම ඉදිකිරීමක් සලකු විට ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පියා (Architect), ඉංජිනේරුවරයා
(Engineer) සහ ප්‍රමාණ සමික්ෂක (Quantity Surveyor) යන ප්‍රධාන පාර්ශව 03 දායක වේ. මේ අතරින් ප්‍රමාණ
සමික්ෂකගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමුකිරිම මෙම පැවරුම මගින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ප්‍රමාණ සමික්ෂකවරයෙකු විසින් ඉදිකිරීමක් සම්බන්ධව ඉදිකිරීම් පිරිවැය ඇස්තමේන්තු කිරීම, ඉදිකිරිම
සම්න්බන්ධ කොන්ත්‍රාත් ගිවිසුම් කළමනාකරණය කිරීම හා පාලනය කිරීම යන ප්‍රධාන කාර්ය භාරය ඉටුකරනු ලබයි.
ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඔවුන් තුළ ඇත. මෙයට අමතරව ඉදිකිරීම් ව්‍යාපෘතිවල සියලු වියදම් සහ ගිවිසුම්ගත
ගනුදෙනු කළමනාකරණය කිරීම ප්‍රමාණ සමික්ෂකවරයාගේ ප්‍රධාන වගකීම වන අතර ඇස්තමේන්තුගත අයවැය තුළ
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට ඔවුන් සහතික විය යුතය. මිට අමතරව පහත දැක්වෙන කාර්ය භාරයන් ප්‍රමාණ
සමික්ෂක විසින් ඉටුකළ යුතුය.

1. සේවාලාභීන්ගේ අවශ්‍යතා තෘප්තිමත් වන පරිදි අදාළ ඉදිකිරිම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටීම.
2. ව්‍යාපෘතියක් සිදුකළ හැකිද ? යන කරණය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම.
3. ටෙන්ඩර් සකස් කිරීම සහ විශ්ලේෂණය කිරීම.
4. කොන්ත්‍රාත් ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි විශ්ලේෂණය කිරීම.
5. ව්‍යාපෘති අවධානම් පුරෝකථනය කිරීම සහ ඒවා අවම කිරීම සඳහා පුර්වාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම.
6. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විවිධ සම්පත්වල පිරිවැය පුරෝකථනය කිරීම.
7. ව්‍යාපෘතිය සම්බන්ධව සැකසිය යුතු ටෙන්ඩර් ලියකියවිලි, කොන්ත්‍රාත් ලේඛන, අය-වැය ලේඛන සහ වෙනත්
ලියකියවිලි සකස් කිරීම.
8. ටෙන්ඩර් කළමනාකරණයට අදාළ ප්‍රමාණ බිල්පත් සැකසීම හා කොන්ත්‍රාත් ගිවිසුම් සැකසීම.
9. ආරවුල් කළමනාකරණය.
10. ව්‍යාපෘතිය හා සම්බන්ධව උප කොන්ත්‍රාත්කරුවන්, වෙළෙන්දන් හා සැපයුම්කරුවන් යන පාර්ශවකරුවන්
වෙත නියමිත වේලාවට ගෙවීම් සිදු කිරීම.
11. නිම කරන ලද වැඩ තක්සේරු කිරීම සහ ගෙවීම් සඳහා කටයුතු සිදු කිරීම.

You might also like