Professional Documents
Culture Documents
සීගිරිය
සීගිරිය
එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ [[දඹුල්ල]] නගරයට ආසන්නයේ උතුරු [[මාතලේ|මාතලේ දිස්ත්‍රික්කයේ]] පිහිටි
පුරාණ ගල් බලකොටුවකි. එය ආසන්න වශයෙන් {{convert|180|m|abbr=on}} පමණ උසැති දැවැන්ත පාෂාණ
තීරුවකින් ආධිපත්‍යය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි.<ref>{{Cite web|
title=Ancient City of Sigiriya|url=https://whc.unesco.org/en/list/202/|url-
status=live|website=UNESCO World Heritage Centre}}</ref>
පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන ''[[කුලවම්සය|කුලවංශය]]''ට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ
අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, [[අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප|කාශ්‍යප
රජු]] (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම
මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් [[බිතුසිතුවම්]] වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට
කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන්
ව්‍යුත්පන්න වී ඇත; ''සිංහගිරි'', සිංහ පර්වතය ([[සිංගප්පූරුව|සිංගප්පූරුවේ]] [[සංස්කෘත]] නාමය වන
''සිංහපුර''ට සමාන ව්‍යුත්පන්නයකි).
රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක්
ලෙස භාවිතා කරන ලදී.<ref name="Ponnamperuma 2013">{{cite book|last=Ponnamperuma|
first=Senani|title=The Story of Sigiriya|year=2013|publisher=Panique Pty Ltd|
isbn=978-0-9873451-1-0}}</ref> සීගිරිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. එය පැරණි නාගරික
සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයකි.<ref name="Bandaranayake 2005">{{cite book|
last1=Bandaranayake|first1=Senake|first2=Madhyama Saṃskr̥tika |last2=Aramudala|
title=Sigiriya: City, Palace, Gardens, Monasteries, Painting|year=2005|
publisher=Central Cultural
Fund|isbn=978-955-631-146-4|url=https://books.google.com/books?id=fVRuAAAAMAAJ}}</
ref>
සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල
හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා
තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය
මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර
දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
==සීගිරි බලකොටුව==
{{ප්‍රධාන|සීගිරි බලකොටුව}}
සීගිරිය [[කාශ්‍යප රජු]] විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු
ඉතිහාසයක් ඇති අතර විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර මතද පල කර ඇත.
[[ගොනුව:Sigiriya_path.jpg|center|300px|thumb|සීගිරි බලකොටුවේ බටහිර දෙසින් ඇති ජල උද්
යානය]]
තද පැහැයෙන් යුතුව උතුරට නෙරා යන මහා පව්ව පාමුල සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට
සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක්
දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව
1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද
කෙනකු තුළ ප්රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන්
පැහැදිලි වේ.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය
මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම
මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත.
පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත
පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්
රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය
නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය
හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි
ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර
ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන්
උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස්
කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි
තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද
බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා
ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්යනුකුල සැලසුමක්
සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය
සමන්විතය. ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී.
ක්‍රි.ව.1859 දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි
වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ
විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය.
====ප්‍රංශයේ භාවිතය====
සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ
ශත 95 කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50 ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර්
මස 12 වෙනිදා ප්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන
ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර
ගත්තේය. <br />අවුරුදු 69 ක් වයැසැති ප්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව
ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ
ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.<br />සැරසීම හා කලා
ශිල්ප විද්‍යාව පිලිබඳ ප්‍රංශයේ සුප්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල
ඔහු 1977 දී ප්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.<br />ඔහුගේ ඇගිලි තුඩින්
හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප්‍රංශ මුද්දර ලෝකයට
එක්වුයේය.<br />
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න
හඟවත්ත මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප්‍රංශයේ තැපැල් මළු
සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.